ජාතික උරුමයක් කළ ගීතය

ජාතික උරුමයක් කළ ගීතය

“‍දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” ගීතය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ‍ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මීට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කළා.

මෙම ගීතය 1903 වසරේ දී ජෝන් ද සිල්වා ශූරින් විසින් රචනා කර ඇති අතර, එය , සිරිසඟ බෝ නූර්තියේ ඇතුළත්. ජාතියේ වින්දනය සහ චින්තනය කෙරෙහි ශත වර්ෂයකට අධික කාලයක් එම ගීතය අඛණ්ඩව බලපා තිබෙන බව, සැලකිල්ලට ගනිමින්, මෙම තීරණයට එළඹ තිබෙනවා.