වෛද්‍යවරු 350ක් මේ වසරේ විශ්‍රාම යෑමට නියමිතයි

වෛද්‍යවරු 350ක් මේ වසරේ විශ්‍රාම යෑමට නියමිතයි

වෛද්‍යවරු 350ක් මෙම වසරේ විශ්‍රාම යෑමට නියමිත බැවින් ග්‍රාමීය රෝහල් රැසක් වැසී යෑමේ දැඩි අවදානමක් පවතින බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස ලියාපදිංචි වෛද්‍යවරු 350 දෙනෙකු එකවර විශ්‍රාම ලැබුවහොත් අවම වශයෙන් ග්‍රාමීය රෝහල් 50ක් පමණ වසා දැමීමට සිදුවන බවයි වාර්තා වෙන්නේ.

මේ වන දුෂ්කර ප්‍රදේශ ද ඇතුළුව රට පුරා ග්‍රාමීය රෝහල්වල සේවයේ නියුතු ලියාපදිංචි වෛද්‍යවරු සංඛ්‍යාව 650ක්.

තවද, ලියාපදිංචි වෛද්‍යවරු 350 දෙනෙකු මෙන්ම, උපාධිධාරි වෛද්‍ය නිලධාරින් 400 දෙනෙකු, විශේෂඥ වෛද්‍යවරු 300 දෙනෙකු ඇතුළු සමස්ත වෛද්‍යවරු 1000කට අධික පිරිසක් මෙම වසරේ දෙසැම්බර් මස වන විට විශ්‍රාම ගැන්වීමට නියමිත බව ද වාර්තා වෙනවා.

චක්‍රලේකයක් හරහා ලබන ජුනි මස 30 සහ දෙසැම්බර් 31 වැනිදා අදාළ වෙවද්‍යවරුන් එකවර විශ්‍රාම ගැනීමට නියමිතව තිබීමෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට පත්වීම වැළැක්වීම නොහැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසන්නේ.