පාචනය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගවල වැඩි වීමක්

පාචනය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගවල වැඩි වීමක්

ඩෙංගු රෝගයට අමතරව පාචනය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගවල වැඩි වීමක් මේ දිනවල දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, උණ සමග කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ රෝග ලක්ෂණ බව ය.

එම රෝග ලක්ෂණ ඇති කුඩා දරුවන් මුඛ ආවරණ පළඳා නිවෙස් තුළ රඳවා තබා ගන්නා ලෙස දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.

දරුවාට දිය යුත්තේ, විවේකය සහ පැරසිටමෝල් මාත්‍රාවක් ලබා දෙන්න. උණ අඩු කර ගන්න මද උණු වතුරෙන් දරුවව තෙමන්න හැබැයි හුස්ම ගැනීමේ අපහසුතාවක් තියෙනවා නම් රෝහලක් වෙත වාර්තා කරන්න.”

මේ අතර පසුගිය දිනවල පැවැති වර්ෂාපතනය සමග මැස්සන්ගේ බෝ වීම වැඩි වීම හේතුවෙන් පාචන තත්ත්වයේ යම් වැඩි වීමක් දක්නට ලැබුණු බව වෛද්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.

ඔහු වැඩිදුරට ත් කියා සිටියේ, පාචන තත්ත්වය ඇති දරුවන්ට හැකි තරම් ස්වභාවික දියර ආහාර ලබා දෙන ලෙස ය.

COMMENTS