සිනමා අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් දිවිසැරිය නිම කරයි

සිනමා අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් දිවිසැරිය නිම කරයි

සිනමා අධ්‍යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක් නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් ලෙස මෙරට සිනමාවට විසල් මෙහෙවරක් කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අද (20) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බිඳුණු හදවත්, පෙම් කුරුල්ලෝ, සජා (සම අධ්‍යක්ෂණය), බෝනික්කෝ 1-2, මව්බිම නැත්නම් මරණය, ජූරිය මමයි, ඇගේ වෛරය 1 -2 – 3 – 4, දඩබිම, සෙල්ලම් කුක්කා, වියරු ගැහැනියක්, ගිනිගත් හෝරාව, මිස් ඩයිනමයිට් ඇතුළු සිංහල චිත්‍රපට 34ක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.

ආන්දෝලානාත්මක චිත්‍රපට රැසක් තැනූ ලුවී සම්මානනීය ඉංග්‍රිසි නවකතාකරුවකු හැටියට ද ප්‍රසිද්ධයි.