අදත් ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට

අදත් ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට

උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය අද (19) දිනයේත් සැළකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබෙනවා.

ඒ හේතුවෙන් වැඩිවේලාවක් එළිමහනට නිරාවරණය වීම මෙන්ම වැඩිවේලාවක් ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම් වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම නිසා වැඩබිම්වල සිටින්නන් ජලය වැඩිපුර පානය කරන ලෙසත් සෙවණ සහිත ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

එමෙන්ම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබද සැළකිලිමත් වන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

COMMENTS