21 එන්න – කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්

21 එන්න – කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්

ලබන 21වනදා ශක්තිමත් ජනපවුරක් ඉදි කිරීමට ජාතී ආගම් භේදයෙන් තොරව සියලු දෙනාට එක්වන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 4ක් සම්පුර්ණ වීම වෙනුවෙන් මෙය සිදුවන බවයි උන්වහන්සේ පවසන්නේ.

උන්වහන්සේ මේ බව සඳහන් කරේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී යි.

මේ අතර පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සඳහා පොරොන්දු ඉටු නොකල ජනාධිපතිවරයාට ගෙදර බලා යාමට සිදු වූ බවත්, මෙම ආණ්ඩුවද එම ක්‍රියාවලිය ම සිදුකරමින් මෙම සිදුවීම යටගසමින් සිටිනා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

එමෙන්ම මෙම ප්‍රහාරය සඳහා වගකිව යුත්තන් හෝ සත්‍ය සැගවීමට උත්සාහ කරන්නන් සිටීනම් ඔවුන් හට ද, මේ ආකාරයටම ගෙදර යාමට සිදු වනු ඇති බවත් කාදිනල්වරයා පවසයි.

මෙම සිදුවීමට වගකිවයුතු නිලධාරියෙක් තවමත් ආණ්ඩුව විසින් තවමත් එම තනතුරේ තබා ගැනීම මඟින් නීතියට ගරු නොකරන ආණ්ඩුවක් සමඟ තමන්ට ගණුදෙනු කිරීම අපහසු බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS