චීනයේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට

චීනයේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු අනෙකුත් සියළුම මිත්‍ර රටවලත්, ජාත්‍යන්තර සංවිධානවලත් උපදේශකත්වය, ආධාර සහ අනුග්‍රහය මේ අවස්ථාවේදී ලක් රජය විශේෂයෙන් අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති Deng Bozing මහතා සමග පැවති හමුවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ අතිශය මිත්‍රශීලී රටක් ලෙස චීනය සෑම අවස්ථාවකදීම මෙරටට අවශ්‍ය සහයෝගය ලබාදීමට අඛණ්ඩව කටයුතු කරන බවයි එහිදී චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.