ගෝල්ෆේස් පිටියේ සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම්වලට යළි ඉඩක් නෑ

ගෝල්ෆේස් පිටියේ සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම්වලට යළි ඉඩක් නෑ

අප්‍රේල් (20) දින සිට ගාලුමුවදොර පිටියේ ආගමික උත්සව හැර වෙනත් කිසිදු සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් වලට ඉඩ නොතැබීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මින් පසු මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලුමුවදොර පිටිය වෙන් කෙරෙන බව එම තීරණයේ සඳහන්.

සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාර ගනු ලැබ ඇති අතර, මේ වන විට සිදු කරනු ලැබ ඇති සංවර්ධන කටයුතු සඳහා එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක් පමණ වැය කර තිබෙනවා.

පසුගිය අරගල කාලසීමාව තුළ සිදු වී ඇති දේපළ හානි අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6ක් වැය කොට තිබෙන බවයි සඳහන් වන්නේ.

එබැවින් මහජන ඒකරාශී වීම් හේතුවෙන් මෙම භූමිය නිතර හානි වන අතර පරිශයේ සුන්දරත්වය සහ දර්ශනීය ස්වභාවය පවත්වාගෙන යාමට අපහසු වී ඇති නිසාවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි කැබිනට් මණ්ඩල තීරණයෙහි දැක්වෙන්නේ.

COMMENTS