ඉන්දියාවට යන්නයි එන්නයි දෙකටම රුපියල් 35,000යි

ඉන්දියාවට යන්නයි එන්නයි දෙකටම රුපියල් 35,000යි

ඉන්දු ශ්‍රී ලංකා බෝට්ටු ප්‍රවාහන සේවය ලබන මැයි මස 15වන දා ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් පවතිනවා.

මෙම යාත්‍රා මඟින් ඉන්දියාවට යාමට පැය 04ක් වැනි කාලයක් ගත වන බව සඳහන්.

මෙම බෝට්ටු ප්‍රවාහන සේවය ආරම්භ කිරීම සඳහා IndSri Ferry Services Pvt Ltd සමාගම වෙත අවසර ලබා දී තිබෙනවා.

මෙම ෆෙරි බෝට්ටු සේවය සඳහා අයකරන මුදල ඇමරිකන් ඩොලර් 100ක් වන අතර එය ශ්‍රි ලංකා මුදලින් රු.35,000ක් පමණ වෙනවා.

එමෙන්ම මෙම ගමනේ දී කිලෝ 100ක ගමන් මලු රැගෙන යා හැකි අතර, එක් ෆෙරී බොට්ටු සේවාවක මගීන් 120කට පමණ ගමන් කිරීමට පහසුකම් සැලසෙනවා.

ඊ විසා පහසුකම් ලබා ගැනීම මඟින් ඉන්දියාවේ ඕනෑම තැනක ගමන් කිරිමේ හැකියාව ද මෙමගින් හිමි වනවා.