අධික රස්නය මැයි මස අග දක්වා

අධික රස්නය මැයි මස අග දක්වා

උෂ්ණත්වයේ ඉහළ යාම මැයි මස අග දක්වා අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ශිරෝමනි ජයවර්ධන සඳහන් කළේ වර්ෂාව සමඟ එම තත්ත්වයේ අඩුවීමක් තිබුණද එය තාවකාලික බවයි.

මේ අතර අද (18) කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, අනුරාධපුර, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

පාසල් පැවැත්වෙන කාල සීමාවල එළිමහනේ ක්‍රියාකාරකම් සීමාකරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පවතින අධික උණුසුම හේතුවෙන් උතුරේ සීනි කැකිරි පරිභෝජනය ඉහළ ගොස් තිබෙනවා.