පිළියන්දල සහ දර්ගා නගරයේ ගින්නක්

පිළියන්දල සහ දර්ගා නගරයේ ගින්නක්

පිළියන්දල මණ්ඩාවිල පාර ප්‍රදේශයේ දෙමහල් නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

ඉන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති අතර නිවසේ කාමරයක දල්වා තිබූ මදුරු දඟරයක් ගින්නට හේතුවන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මේ අතර අලුත්ගම දර්ගා නගරයේ ඡායාරූප ශාලාවක අද (17) හටගත් ගින්නකින් එය විනාශ වී තිබෙනවා.

කලුතර නගර සභාවේ ගිනිනිවන රථ කිහිපයක්ද ගින්න නිවීම සඳහා පැමිණි බවයි වාර්තා වෙන්නේ.

COMMENTS