දෙමුහුන් සූර්යග්‍රහණයක් අප්‍රේල් 20 දා

දෙමුහුන් සූර්යග්‍රහණයක් අප්‍රේල් 20 දා

මෙම මස 20 වැනිදා සිදුවන සූර්යග්‍රහණය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන බව කොළඹ විශ්ව විද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

එයට හේතුව එකම සූර්ය ග්‍රහණය තුළ එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වීම බව ද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

සූර්යග්‍රහණයේ ගමන් මාර්ගයේ ලොව සමහර ස්ථානවල සිටින නරඹන්නන් පූර්ණ සූර්යග්‍රහණයක් දකින අතර අනෙක් කොටස්වල සිටින අය වළයාකාර සූර්යග්‍රහණයක් දකිනු ඇත.

ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04ට ආරම්භ වී දහවල් 12.29ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතය.කෙසේ වෙතත් මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනේ.

බටහිර ඔස්ට්‍රේලියාව, නැගෙනහිර ටිමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත්වල සිටින අයට සූර්යග්‍රහණය දැකගත හැකිය.

මෙම සූර්යග්‍රහණය දැකිය හැක්කේ ලෝක ජනගහනයෙන් සියයට 8.77 කට තරම් සුළු කොටසකට පමණි.

https://bit.ly/3KFR2UY