ශ්‍රී ලංකා – අයර්ලන්ත පළමු ටෙස්ට් තරඟය අද

ශ්‍රී ලංකා – අයර්ලන්ත පළමු ටෙස්ට් තරඟය අද

සත්කාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (16) ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණාරත්න නායකත්වය ලබා දෙන අතර සංචාරක අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවන්නේ ඇන්ඩෘ බැල්බර්නි.

ශ්‍රී ලංකාව මේ වනවිට ටෙස්ට් ක්‍රිකට් තරග 307 කට සහභාගී වී ඉන් ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 98 කි.

අයර්ලන්ත කණ්ඩායම 2018 වසරේ ටෙස්ට් වරම් ලැබීමෙන් අනතුරුව ක්‍රීඩා කර තිබෙන්නේ ටෙස්ට් ක්‍රිකට් තරග 4 ක් පමණි.

ඉන් කිසිදු තරගයක් ඔවුන් ජය ගෙන නැත.

35,000 කට අධික සංඛ්‍යාවකට එකවර තරග නැරඹීමේ පහසුකම සහිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි තරගය පැවැත්වේ.

COMMENTS