උත්සව සමයේ නීති විරෝධී මත්පැන් වැටලීම් 900ක්

උත්සව සමයේ නීති විරෝධී මත්පැන් වැටලීම් 900ක්

උත්සව සමයේ නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය වැටලීම් 900 කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, 1913 දුරකතන අංකය අමතා එවැනි සිදුවීම් පිළිබඳ තොරතුරු දැනුම්දිය හැකි බවයි.

කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කිරීමේ සිද්ධින් 90 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇතැයි ද ඔහු පැවසීය.