ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න විශේෂ ප්‍රවාහන සේවා අද සිට

ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න විශේෂ ප්‍රවාහන සේවා අද සිට

ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට බස් සේවා ක්‍රියාත්මක බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය, නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කළේ, ලබන 18 වැනිදා දක්වා අදාළ සේවා ක්‍රියාත්මක බවයි.

මේ අතර නැවත සිය රැකියා සඳහා කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අද (15) සිට දුම්රිය සේවා ද ක්‍රියාත්මක වේ.

තවද ගම්බිම් බලා ගිය ජනතාවට, නැවත පැමිණීම සඳහා අධිවේගී මාර්ගවල සියලු ප්‍රවේශපත්‍ර කවුළු විවෘතව තබන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් L.V.S. වීරකෝන් මහතා සඳහන් කළේ, තදබදයක් ඇතිවීම වැළැක්වීම, එහි අරමුණ බවයි.

COMMENTS