සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි

මෙවර අලුත් අවුරුදු උදාව අද අපරභාග 02.59ට සිදුවුණා.

අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ අපරභාග 3.29ටයි.

එහිදී විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරි මිශ්‍ර කිරි බතක් තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම සුදුසු බවයි නැකත් සීට්ටුවේ සඳහන් වන්නේ.

අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අපරභාග 5.05ට යෙදී තිබෙනවා.

උදාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක් වාසි සැමට සතුට සමගිය රැඳුනු සුබ අලුත් අවුරුද්දක් වේවායි “My newslanka” අපි එක සිතින් පාර්ථනා කරනවා.