ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට ආසියාවෙන් අවසරයක්

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට ආසියාවෙන් අවසරයක්

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව යළිත් ආසියානු රග්බි ක්‍රීඩාවේ පූර්ණ සාමාජිකයෙකු ලෙස ස්ථාපිත කර තිබෙනවා.

මෙම තීරණය සම්බන්ධයෙන් 2022 අප්‍රේල් මස 01 වැනිදින නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීම නිල වශයෙන් තහවුරු කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසිනුයි.

ඒ අනුව මෙරට තුළ ඇති රග්බි ක්‍රීඩාව නැවතත් ආසියානු රග්බි ක්‍රීඩාවේ පූර්ණ සාමාජිකයෙකු ලෙස ස්ථාපිත කිරීමටයි Asia Rugby විසින් තීරණයක් ගෙන ඇත්තේ.

2022 අප්‍රේල් 9 වන දින තායිලන්තයේ ෆුකෙට් හි පැවති රැස්වීමේදී, ආසියානු රග්බි විධායක කමිටුව (EXCO) විසින් ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

COMMENTS