ලබන 17 වැනි දා සිට විශ්වවිද්‍යාලවල දේශන කටයුතු යළි ඇරඹේ

ලබන 17 වැනි දා සිට විශ්වවිද්‍යාලවල දේශන කටයුතු යළි ඇරඹේ

ලබන 17 වැනි දා සිට විශ්වවිද්‍යාලවල දේශන කටයුතු යළිත් ආරම්භ කිරීම කෙරෙහි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණයකට පැමිණ තිබේ.

ඒ, ඊයේ (12) අලුයම දක්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකදීයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ, පසුගිය මාර්තු 9 වැනි දායි.

ඒ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමිනි.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සභභාගිවීමට එම සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ නැත.

උසස් පෙළ විභාග උත්තර පත්‍ර ඇගයීම ප්‍රමාදවී අදට දින 49කි.

COMMENTS