රටේ නායකත්වයට බැසිල් සුදුසුයි – සාගර කාරියවසම්

රටේ නායකත්වයට බැසිල් සුදුසුයි – සාගර කාරියවසම්

බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට නායකත්වය දෙන්න ඉතාමත් සුදුසු පුද්ගලයකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක් වෙමින් මහ ලේකම්වරයා වැඩි දුරටත් පැවසුවේ බැසිල් රාජපක්ෂ යනු නායකත්ව හැකියාව ප්‍රදර්ශනය කළ නායකයකු බවත් ඔහු යුද්ධය අවස්ථාවේදී ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරමින් ඉතා හොඳින් ඊට අවශ්‍ය ජාත්‍යන්තර සහාය ගැනීමට සමත් වූ බවයි.

යුද්ධයෙන් පසු මේ රටේ දිළිඳු ජනතාව නඟාසිටුවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කර ලෝකයේ වේගයෙන් දියුණු වන රටවලින් එකක් බවට පත් කිරීමේදී ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ කළ සේවය ප්‍රසංශනීය බවද සාගර කාරියවසම් මෙහිදී පැවසුවා.