අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැදවියන්ට විශේෂ අවස්ථා රැසක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැදවියන්ට විශේෂ අවස්ථා රැසක්

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් 2023.04.13,14 හා 2023.04.15 යන තෙදින තුළ සිරකරුවන් හට අමුත්තන් බැලීම සදහා වූ විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සූදානමි කර තිබෙනවා.

එදිනට සිරකරුවන් බැලීමට පැමිණෙන ඥාතීන් විසින් එක් අයෙකුට ප්‍රමානවත් වන පරිදි ආහාර පාර්සලයක් හා එක් අයකුට ප්‍රමානවත් වන පරිදි ඔවුන්ට අවශ්‍ය රසකැවිලි ද රැගෙන විත් භාර දීම සදහා අවශ්‍ය පහසුකම් සෑම බන්ධනාගාර ආයතනයන් විසින් සපයා ඇති බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ.

මීට අමතරව සියලුම බන්ධනාගාර ආයතනයන් තුලදී සිරකරුවන් සහ සැකකරුවන් සදහා අවුරුදු චාරිත්‍ර – වාරිත්‍ර සිදු කරනු ලබන අතර සියලුම රැදවියන් සදහා කිරිබත් ලබා දීමට බන්ධනාගාර දෙපාරතමේන්තුව කටයුතු සූදානමි කර ඇති බවත්, එසේම රැඳවියන්ගේ හිසතෙල් ගෑමේ මංගල්‍යද චාරිත්‍රානුකූලව සිදු කිරීමට නියමිත බව පවසනවා.

තවද රැදවුවන්ගේ යහපත් මානසිකත්වය ඉහල නැංවීම සදහා බන්ධනාගාර පුනරුත්ථාපන අංශය මගින් ජන ක්‍රීඩා ඇතුලත් අවුරුදු උත්සව, සංගීත වැඩසටහන්, සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන් රාශියක් සිරකරු සුභසාධක සංගමයේ උපකමිටුවල අනුග්‍රහයෙන් සංවිධානය කර තිබෙනවා.