රසකැවිලි මිල නගී

රසකැවිලි මිල නගී

උත්සව සමයත් සමඟ වෙළඳපලෙහි රසකැවිලි මිල ගණන් ඉහළ ගොස් ඇත.

රසකැවිලි නිෂ්පාදකයින් සදහන් කළේ කැවිලි නිෂ්පාදනයට යොදා ගන්නා සීනි, පොල්තෙල්, මුං ඇට, පොල් ඇතුළු අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම ඊට හේතුව බවයි.

ඒ අනුව පෙර වසරවල රුපියල් 40ත් 60ත් අතර මිලකට අලෙවි වූ කැවුමක මිල මේ වන විට රුපියල් 60ත් 100ත් දක්වා ඉහළ දමා ඇත.

කොකිස් රස කැවිලක මිල ද රුපියල් 30 දක්වා ද ආස්මියක මිල රුපියල් 120 දක්වා ද මිල ඉහළ ගොස් තිබේ.

එමෙන්ම උදු පිටිවල මිල ඉහළ යාම හේතුවෙන් පැණි වළල්ලක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් ඇත.