මියන්මාරයේ හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් සිවිල් වැසියන් 53ක් මරුට

මියන්මාරයේ හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් සිවිල් වැසියන් 53ක් මරුට

මියන්මාරයේ හමුදා පාලනය එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් එරට සිවිල් වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කාන්තාවන් 15 දෙනෙකු සහ ළමයින් කිහිපදෙනෙකු ද ඒ අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හමුදා පාලනයට එරෙහිව කටයුතු කෙරෙන මියන්මාරයේ සගායින් කලාපයේ ගම්මානයක් ඉලක්ක කරගනිමින් මෙම ගුවන් ප්‍රහාර මාලාව දියත් කර ඇති බව සඳහන්.

මියන්මාරයේ බලය හමුදාව අතට පත්වීමෙන් අනතුරුව ආරම්භ වූ සිවිල් යුද්ධය හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව, තවත් මිලියන 1.4ක් අවතැන්ව ඇති අතර, රටේ ජනගහණයෙන් තුනෙන් එකකට මානුෂිය ආධාර අවශ්‍ය බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

https://wapo.st/3o4UoJm