පුංචි ඡන්දය දෙවන වරටත් කල් යයි

පුංචි ඡන්දය දෙවන වරටත් කල් යයි

ලබන 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වරටත් දින නියමයක් නොමැතිව කල්දැමීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් මෙලෙස ඡන්දය කල්දැමීමට සිදුවන බවයි.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින නඩු කටයුතු සඳහා ලබාදෙන තීරණය මත යළි ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කරනු ඇති.

ඒ අනුව එය මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා විසින් තීරණය කරනු ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.