උත්සව සමයේ ඇසට සිදුවන අනතුරුවල වර්ධනයක්

උත්සව සමයේ ඇසට සිදුවන අනතුරුවල වර්ධනයක්

උත්සව සමයේ සිදුවන විවිධ අනතුරු හේතුවෙන් ඇස් ආශ්‍රිත අනතුරුවල වර්ධනයක් නිරීක්ෂණය වන බව අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

නොසැලකිලිමත් බව, අනවශ්‍ය අවදානමක් ගැනීම හා නොදැනීම මේ සඳහා ප්‍රධාන කරුණු ලෙස දැක්විය හැකි බවයි අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසන්නේ.

ජාතික අක්ෂි රෝහලේ ඊයේ (10) පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අනතුරු හේතුවෙන් ජීවිතාන්තය දක්වා දෑස් අහිමි වීම හෝ ස්ථීර පෙනීම අඩු වීමක් සිදු විය හැකි බව පෙන්වාදෙන වෛද්‍ය කපිල බන්දුතිලක මහතා සඳහන් කළේ කුඩා පිරිමි දරුවන් සහ තරුණයින් බහුතරයක් අනතුරට ලක්වන්නන් අතර වන බවයි.

වැඩිම අනතුරු සංඛ්‍යාවක් රතිඤ්ඤාවලින් සිදුවන අතර එය 32% ක් වන බව සඳහන්.

අහස් කූරු, බඹරචක්‍ර, රොකට් හැඩයේ ද්‍රව්‍ය සහ නිලාකූරුවලින් ද ඇස් ආශ්‍රිතව අනතුරු සිදුවන බවයි අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය කපිල බන්දුතිලක මහතා ප්‍රකාශ කළේ.

විශේෂයෙන්ම කුඩා ළමුන්ට මෙම තත්ත්වය වඩාත් භයානක වන අතර පසුව සියලු තුවාල සුවපත් වුවත් පෙනීම නොලැබී යාමට ඉඩ ඇති බැවින් අවුරුදු සමයේ ගිණිකෙළි භාවිතයෙන් ඈත් වීම කාලෝචිත බව වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පෙන්වාදෙනවා.