දුෂ්කරතා හමුවේ නොබියම සිටින්න – ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා

දුෂ්කරතා හමුවේ නොබියම සිටින්න – ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා

ශ්‍රී ලංකාව සහ යුක්රේනය වැනි රටවලට නව මූල්‍ය පහසුකම් සපයා තිබෙන බවත්, සුවිශේෂී දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා මෙතරම් උත්සහ කරන මෙම රටවලට උපකාර කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ගෞරව කරන බව මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පවසයි.

ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය මේ බව පැවසුවේ ලෝක බැංකු 2023 වාර්ෂික රැස්වීම අමතමින්,

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින්ට මූල්‍ය අරමුදල මගින් ණයට ගත හැකි මුදල් ප්‍රමාණයේ තාවකාලික වැඩිවීමක් ඇතුළුව, අවදානමට ලක්විය හැකි මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා වන සහයෝගය ද අපි වැඩි කර තිබෙනවා. ඒ වගේම අපි ශ්‍රී ලංකාව සහ යුක්රේනය වැනි රටවලට නව මූල්‍ය පහසුකම් සපයා තිබෙනවා. සුවිශේෂී දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා මෙතරම් උත්සහ කරන මෙම රටවලට ඔබට උපකාර කිරීමට හැකිවීම සම්බන්ධයෙන් අපි ගෞරව කරනවා. මම මේ රටවල් දෙකට සහ විශාල අරගලයක යෙදී සිටින සියලුම රටවලට ඔබේ උදව්වෙන් අත්පොළසන් දීමට සූදානම් දුෂ්කරතා හමුවේ නොබියම සිටින්න. ඔබට ඔබේ මිතුරන් සිටිනවා වගේම ඔබට ඔබේ IMF තියෙනවා.” යනුවෙන්