සංක්‍රමණික යාත්‍රා දෙකක් අනතුරක – 27ක් අතුරුදන්

සංක්‍රමණික යාත්‍රා දෙකක් අනතුරක – 27ක් අතුරුදන්

ටියුනීසියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී සංක්‍රමණික යාත්‍රා දෙකක් ගිලී යාමෙන් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් හෝ අතුරුදන්වී ඇති බවට විදෙස් මාධ්‍ය පවසනවා.

අප්‍රිකානුවන් 73 දෙනෙකු රැගත් යාත්‍රා දෙකක් මෙලෙස අනතුරට ලක්වී ඇති අතර, ටියුනීසියානු වෙරළ ආරක්ෂකයන් විසින් 46 දෙනෙකු බේරාගෙන තිබුණා.

අධික දරිද්‍රතාව සහ ගැටුම් හේතුවෙන් මැදපෙරදිග සහ අප්‍රිකානු වැසියන් නීතිවිරෝධීව ඉතාලියට ඇතුලුවීමට භාවිත කරන මාර්ගයක් ලෙස ටියුනීසියානු මුහුදු තීරය හැඳින්වෙනවා.

මාර්තු මාසයේ මුල සිට මේ දක්වා යාත්‍රා හතක් අනතුරට ලක්ව ඇති අතර, සියදෙනෙකු මියගොස් තිබුණා.

එමෙන්ම ගතවූ මාස තුනේ දී සංක්‍රමණිකයන් 14,000ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් වැඩිම පිරිසක් අප්‍රිකාවේ සිට පැමිණ ඇති බවටයි තොරතුරු වාර්තාවී තිබුණේ.

https://bit.ly/3GpKFUs