පාස්කු ඉරිදා අදයි

පාස්කු ඉරිදා අදයි

ලොව පුරා කිතුනු බැතිමතුන් ඉතා ගෞරවයෙන් සමරන පාස්කු ඉරුදින සැමරුම අදට යෙදී තිබෙනවා.

මෙම පාස්කු ඉරුදින සමරනු ලබන්නේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථානය ලැබීම සිහිපත් කරමින්.

ලොව පුරා සිටින කිතුනු බැතිමතුන් පාස්කු ඉරුදින හෙවත් ඊස්ටර් ලෙසින් හඳුන්වන මෙම දිනය ඔවුන්ගේ ප්‍රධානතම මංගල්‍යයක් ලෙස ද සළකනු ලබනවා.

මේ වෙනුවෙන් සෑම දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයන් පැවැත්වෙනවා.

කෙසේ වෙතත් 2019 වර්ෂයෙන් පසු මෙරට බැතිමතුන් පාස්කු ඉරුදින සමරනු ලබන්නේ වේදනාත්මක මතක සමගයි.

ඒ, 2019 වසරේ පාස්කු දින ප්‍රධාන දේවස්ථාන කිහිපයක් සහ තරු පංතියේ හෝටල් කිහිපයක් ඉලක්කව සාහසික ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන්.

ඉන් දිවි අහිමි වූ, තුවාල ලැබූ පිරිස අතිමහත්.

එමෙන්ම තවමත් ඉන් පීඩිතයින්ට යුක්තිය ඉටුවී නැහැ.