අද පළාත් කිහිපයකට වැසි

අද පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍ රීකාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති වන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවල දී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතියි.

අද (09) දින දහවල් 12:12ට මාදම්පේ, කොහිලපොකුණ, කයිකාවල, නිළඹේ සහ ඔන්දච්චිමඩම් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

COMMENTS