ළඟදීම පිල් මාරුවක් ?

ළඟදීම පිල් මාරුවක් ?

රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා දේශපාලන ඉල්ලීමක් සිදු කරන්නේ නම් සංවිධානගතව සහාය ලබාදීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

ඊට පක්ෂය සූදානම් නොවන්නේ නම් පමණක් දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවත් ඔහු සඳහන් කළේය.

දැන් පෝලිම් තිබෙනවා ද?. නැහැ. විදුලිය කපනවා ද?.. නැහැ. අපිත් දකිනවා.. පාරිභෝගිකයාත් කියනවා.

“තනියම ආණ්ඩුවට එකතු වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉස්සෙල්ලාම ජනාධිපති සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන්න ඕනේ. ඒ ඉල්ලීම කරලා ඒකත් අහන්නේ නැත්තම්.. එතනදි අපිට තීන්දුවක් ගන්න පුළුවන් කණ්ඩායම් වශයෙන්.”

අමාත්‍ය මහින්ද අමරවීර,

“මම නම් කියන්නේ නැහැ. ඒ අය පෞද්ගලිකව හමුවූ වෙලාවල් කියවෙනවා. සජබෙන් සැලකියයුතු පිරිසක් එකතු වෙයි. එන්න කියන මොහොතක එන ලකුණු තියෙන්නේ. අනිවාර්යයෙන් එනවා.”

COMMENTS