පාස්කු සතියට මූලික අවදානය දෙමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

පාස්කු සතියට මූලික අවදානය දෙමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

පාස්කු සතියට මූලික අවදානය ලබා දෙමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් උත්සව සමයේ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

ඊයේ (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ දේවස්ථාන ආශ්‍රීතව පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවයි

එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ හිඟතාවයක් පවතින්නේ නම් ත්‍රිවිධ හමුදා නිලධාරීන් ආරක්ෂාව සදහා දේවස්ථාන වෙත කැඳවීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය හිමිව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.