උත්සව සමයේ නීති විරෝධි මත් පැන් විකුණන ස්ථාන වැටලීමට විශේෂ වැඩසටහනක්

උත්සව සමයේ නීති විරෝධි මත් පැන් විකුණන ස්ථාන වැටලීමට විශේෂ වැඩසටහනක්

අලුත් අවුරුදු උත්සව සමයේ නීති විරෝධි මත් පැන් විකුණන ස්ථාන වැටලීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මේ යටතේ බලපත්‍ර ලාභී මත්පැන් අලෙවිසැල් ද අධීක්ෂණයට ලක් කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ සඳහා සුරාබදු නිලධාරින් 1200ක් පමණ යොදවන බවයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ පවසන්නේ.

මෙම කාල සීමාව තුළ සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය සහ සම්බන්ධිත අංක 1913 දුරකථන අංකය මහජනතාව වෙනුවෙන් විවෘතව තැබෙනවා.

අලුත් අවුරුදු උත්සව හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර ලත් සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බවට ද සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් රබී 07 සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් හෝටල්වල නේවාසික සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් එම බලපත්‍ර ක්‍රියාත්මක කිරීමටයි අවසර ලබා දී තිබෙනවා.