පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවයි

පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවයි

QR කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවිය දිගින් දිගට ම සිදු කළ ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව විදුලි බල සහ බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

අද (6) පෙරවරුවේදී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග පැවැති ප්‍රගති සමාලෝචන හමුවකදී මෙම තීරණය ගෙන ඇත.

එහිදී ඉදිරි සති 8 වෙනුවෙන් ඉන්ධන ආනයන සැලසුම, පිරිපහදුවේ කටයුතු සහ උත්සව සමයේ අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම පිළිබඳව සැලසුම් සාකච්ඡා කර තිබේ.

මේ අතර, ආයතනය සතු සියලු ම ටැංකි රථ වෙනුවෙන් GPS මෙවලම් සවි කිරීම අප්‍රේල් 15 වන දා වන විට අවසන් කරන අතර පෞද්ගලික ටැංකි රථ වෙනුවෙන් ද එය ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන බව කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් දැක් වේ.

COMMENTS