ප්‍රදේශ කිහියපයකට හිරු මුදුන් වෙද්දී තවත් ප්‍රදේශ කිපයකට වැසි

ප්‍රදේශ කිහියපයකට හිරු මුදුන් වෙද්දී තවත් ප්‍රදේශ කිපයකට වැසි

අද (06) දිනයේ දී බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අතර අදාල පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර දකුණු මුහුදුබඩ ප්‍රදේශවල උදේ කාලයේ දී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

තව ද අප්‍රේල් 05 සිට 15 දක්වා දිනවල දී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුව ම ඉහලින් සූර්යයා පවතින බැවින් අද (06) දින‍යේ දී දහවල් 12:13 ට උඩුගම, නෙළුව, මඩුවන්වෙල, කුඹුක්වැව සහ යාල යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.