ට්‍රම්ප් සිය කැමැත්තෙන් අධිකරණයට භාරවෙයි

ට්‍රම්ප් සිය කැමැත්තෙන් අධිකරණයට භාරවෙයි

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑන්හැටන් හි පිහිටි අධිකරණයකට සිය කැමැත්තෙන් භාර වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඔහුට විරුද්ධව එල්ල වී ඇති අපරාධ චෝදනාවන් සම්බන්ධයෙන් ඊයේ (04) අධිකරණයට පැමිණි අවස්ථාවේ මෙලෙස අධිකරණයට භාර වී ඇති බවයි.

මොහුට සාපරාධී අපරාධ චෝදනා 34ක් එල්ල කර ඇති අතර ඔහු කියා සිටියේ තමන් මෙම චෝදනාවලට නිවැරදිකරු බවයි.

2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිලියකට මුදල් ගෙවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වෙනවා.

76 හැවිරිදි ට්‍රම්ප් අපරාධ නඩුවකට මුහුණදුන් ඉතිහාසයේ පළමු ඇමරිකානු හිටපු ජනාධිපතිවරයා වන අතර මෙම නඩුව ලබන වසරේ ජනවාරි මාසයේ දී යළි කැඳවීමට නියමිතයි.

https://7ny.tv/3zylJX5

COMMENTS