ජූලි මාසයේ යළි බස් ගාස්තු සංශෝධනයක්

ජූලි මාසයේ යළි බස් ගාස්තු සංශෝධනයක්

ජුලි මාසයේ යළිත් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අමතර කොටස් මිල පහළ දමන්නේ නම්, එහි වාසිය ද මගී ජනතාව වෙත ලබාදිය හැකි බවයි.

අමතර ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් සේවකයන්ට ලබාදෙන මුදල් මෙන්ම අමතර කොටස් සඳහා වැය වන අධික මුදල් ඉතිරි කර ගත හැකි නම් ත්‍රිරෝද රථ ගාස්තු තවදුරටත් අඩු කළ හැකි බවයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ.