සමෘද්ධි සහනාධාර අයදුම්පත්වල තොරතුරු තහවුරු කිරීමේ කටයුතු සති කිහිපයකින් අවසන්

සමෘද්ධි සහනාධාර අයදුම්පත්වල තොරතුරු තහවුරු කිරීමේ කටයුතු සති කිහිපයකින් අවසන්

සමෘද්ධි සහනාධාරය ලබා ගැනීම සඳහා ඉදිරිපත් වූ ලක්ෂ 30ක අයදුම්පත් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ලද තොරතුරු තහවුරු කිරීමේ කටයුතු සති කිහිපයක් තුළ අවසන් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළා.

ඒ, අනුරාධපුරේ දී පැවති සාකච්ඡාවක් අතරතුර දීයී.

මෙම ව්‍යාපෘතිය සක්‍රීය කිරීම මගින් සමෘද්ධි සහනාධාර වැඩසටහන තුළ වූ විනිවිදභාවය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.