අඩු වූ ලිට්‍රෝ ගෑස් මිල

අඩු වූ ලිට්‍රෝ ගෑස් මිල

12.5Kg ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට රු.1,005 ක මුදලකින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් ආයතනයෙහි සභාපති මුදිත පීරිස් පවසනවා. ඒ අනුව එහි නව මිල රු.3,738 ක්.

ලිට්‍රෝ සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ, 5Kg ක ගෑස් සිලින්ඩරයක මිල රු.402 ක මුදලකින් අඩු වන බවයි. ඒ අනුව එහි නව මිල වන්නේ රු.1,502 ක්.

මීට සමගාමීව 2.5Kg ක ගෑස් සිලින්ඩරයක මිලද රු.183කින් අඩුවන අතර, එහි නව මිල රු.700ක් ලෙස දැක්වෙනු ඇත.

ලිට්‍රෝ මිල අඩුවීමට සමගාමීව ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය වීමට නියමිත අතර ඒ පිළිබඳව නිවේදනයක් අද දිනය තුල නිකුත් කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.