යුරෝපයේ ලබාලම රාජ්‍ය නායිකාව ට ධූරය අහිමි වෙයි

යුරෝපයේ ලබාලම රාජ්‍ය නායිකාව ට ධූරය අහිමි වෙයි

තීරණාත්මක මැතිවරණයකින් පරාජයට පත්වීමට ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය වන සන්නා මරීන්ට සිදු වුණා. එහිදී අග්‍රාමාත්‍යවරියගේ පක්ෂයට හිමිවුයේ තුන්වන ස්ථානයයි.

මෙම මැතිවරණයෙන් ෆින්ලන්තයේ ජාතික සභාග පක්ෂය ජයග්‍රහණය කර තිබෙන අතර ෆින්ස් පක්ෂය දෙවන ස්ථානය ද, අගමැති සන්නා මරීන්ගේ පක්ෂය තුන්වන ස්ථානයට ද පත්ව තිබෙනවා.

ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය වන සන්නා මරීන් මේ වන විට 37 වන වියේ පසුවන අතර යුරෝපයේ සිටින ලබාලම රාජ්‍ය නායිකාව වනවා.

කෙසේ වෙතත් ඇයගේ විනෝදකාමී දිවි පෙවත බොහෝ දෙනාගේ කළකිරීමට හේතු වී ඇති අතර මෙම පරාජයට එය බලපා ඇති බව විචාරකයන් පෙන්වා දෙනවා.

https://bit.ly/3K3zVMw