ආපණශාලාවක සිදු වූ පිපිරීමකින් පුටින්ගේ සහායකයෙකු මරුට

ආපණශාලාවක සිදු වූ පිපිරීමකින් පුටින්ගේ සහායකයෙකු මරුට

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි ආපණශාලාවක සිදු වූ පිපිරීමකින් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හමුදා සහායකයෙකු ලෙස කටයුතු කළ බ්ලොගර් සේවා සපයන්නෙකු මියගොස් තිබෙනවා.

මෙම පිපිරීමෙන් තවත් විසිපස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

යුක්රේන ආක්‍රමණයේදී රුසියානු ජනාධිපතිවරයාට සහය පළ කරමින් අන්තර්ජාල බ්ලොග් අඩවියක් මගින් දැඩි ප්‍රචාරයක් ගෙන යෑමට මැක්සිම් ෆොමින් හෙවත් ව්ලැඩ්ලන් ටාටාර්ස්කි නැමති මෙම පුද්ගලයා කටයුතු කර තිබුණා.

ඔහු ඉලක්ක කරගෙන මෙම පිපිරීම සිදුකරන්නට ඇති බවටයි රුසියානු ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.

මැක්සිම් ෆොමින් වෙත ලබාදීම සඳහා කාන්තාවක් විසින් රැගෙන ආ තෑගි පාර්සලයක ප්‍රතිමාවක් තුළ මෙම බෝම්බය සඟවා තිබී ඇති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

https://tgam.ca/3UaTask

COMMENTS