අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ජාතික පාසල් සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛ අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ලබන 21 වනදායින් පසුව දැනුවත් කිරීම් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම පාසල්වල දෙක ශ්‍රේණියේ සිට හතර ශ්‍රේණිය දක්වාත්, හත ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වාත් පන්ති සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළවයි එම දැනුවත් කිරීම සිදුකිරීමට නියමිතව ඇත්තේ.

එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමයින් ඇතුළත් කිරීමට ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.