වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් සොයා විශේෂ වැටලීම්

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් සොයා විශේෂ වැටලීම්

ආනයනික භාණ්ඩ මිල විශාල ලෙස අඩු වී ඇති බැවින් එහි වාසිය ජනතාවට ලබා නොදී තවදුරටත් ඉහළ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් සොයා විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී ඇති පසුබිමක ඉහළ දැමූ භාණ්ඩ බොහෝමයක මිල ගණන් මේ වන විට පහත බැස තිබෙනවා.

එහෙත් බොහෝ වෙළඳසැල් හිමිකරුවන් විසින් ඉහළ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන බවටයි එම අධිකාරියට පැමිණිලි ලැබී ඇත්තේ.

එබැවින් දිවයින පුරා වැඩි මිලට භාණ්ඩ අලෙවිකරන වෙළඳසැල් සොයා විශේෂ වැටලීම් සිදු කරන බවයි පාරිභෝගික අධිකාරියේ සභාපති නිතීඥ ශාන්ත නිරිඇල්ල කියා සිටියේ.