මහේල ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

මහේල ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් “උපදේශක පුහුණුකරුවෙක්” ලෙස සිය සේවය ලබාදෙන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනගේ වගකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම යෙදෙන තරඟ සංචාර සඳහා ඔහු එක්විය යුතු බව සඳහන් නොවන බවයි.

උපදේශක පුහුණුකරු ලෙස ඔහුගේ ප්‍රධාන වගකීම වන්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායම් සඳහා සිය දායකත්වය උපාය මාර්ගික වශයෙන් සහ ක්‍රීඩකයින්ගේ දියුණුව සඳහා ලබාදීමත් පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින්ගේ වර්ධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමත්, දේශීය ක්‍රිකට් ව්‍යුහය දියුණු කිරීමත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දක්වා තිබෙනවා.

ඔහු ක්‍රීඩකයින් සමඟ එකතුවන්නේ එය සිදුවිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළහොත් පමණක් බව ද අදාළ නිවේදනයේ සඳහන්