ටයර් මිල බසී

ටයර් මිල බසී

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වුව ද මේ අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩුකළ හැක්කේ 05%ක ප්‍රතිශතයකින් බව ටයර් ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුනිල් ෆොන්සේකා සඳහන් කළේ පැරණි තොග වෙළදුන් සතුව පැවතීම ඊට හේතුව බවයි.

කෙසේ වෙතත් නව තොග ලැබීමෙන් පසු ඉදිරි මාස තුන ඇතුළත ආනයනික ටයර් මිල 15%කින් පමණ අඩුකිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා.