එළවළු මිල තුන්ගුණයකින් අඩුවෙයි

එළවළු මිල තුන්ගුණයකින් අඩුවෙයි

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඉතා විශාල වශයෙන් පහත බැස තිබෙනවා.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය පවසන්නේ පෙර පැවති මිල ගණන්වලට සාපේක්ෂව තුන් ගුණයකින් පහළ යාමක් බවයි.

මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන පැවසූවේ එළවළු වර්ගවල තොග මිල ගණන් කිලෝව රුපියල් සියයක් දක්වා අඩු වී ඇති අතර, ඊයේ (27) වන විට බෝංචි කිලෝවක මිල රුපියල් රුපියල් 100 දක්වා අඩු වී තිබිණි.

තක්කාලි රුපියල් කිලෝ එකක් රුපියල් 150ත් – 180ත් අතර මිලකට අලෙවි වන අතර, රුපියල් 450කට අලෙවි වූ කැරට් කිලෝවක් රුපියල් 70 – 100 අතර මිලකට අලෙවි වන බව වාර්තාවෙනවා.

COMMENTS