මැතිවරණයක් දෙසැම්බර් වෙද්දි එයි – මොන මැතිවරණය තිබුණත් අපි ඒකට ලෑස්තියි

මැතිවරණයක් දෙසැම්බර් වෙද්දි එයි – මොන මැතිවරණය තිබුණත් අපි ඒකට ලෑස්තියි

දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

මහින්ද රාජපක්ෂ ඒ බව පැවසුවේ, අභයාරාම විහාරස්ථානයේ පැවති වැඩසටහනකට සහභාගී වී ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, පොහොට්ටුවේ වෙන්වුණු පිරිස් නිසි වේලාවට එකතු වනු ඇති බවයි.

එහිදී මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් කියා සිටියේ,

”බොහොම සාර්ථකව ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යනවා.. මොන මැතිවරණයක් තිබුණත් අපි ඒකට ලෑස්තියි. දෙසැම්බර් මාසේ වෙනකොට තියයි. මැතිවරණ එපැයි කියන්නේ කවුද? ” යනුවෙන්