බෝට්ටුවෙන් ඉන්දියාවට යන්න ඩොලර් 50 යි

බෝට්ටුවෙන් ඉන්දියාවට යන්න ඩොලර් 50 යි

යාපනය – කන්කසන්තුරේ සිට ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව අප්‍රේල් මස 29 වනදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් පසුගිය 26 වනදා තහවුරු කරනු ලැබුවා.

යාපනය කන්කසන්තුරේ සහ ඉන්දියාවේ කරෙයිකාල් යන ප්‍රදේශවල ආගමන හා විගමන අංශයන් දෙකක් ද පිහිටුවීමට නියමිතයි.

ඒ සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මුල් වරට මෙම බෝට්ටු සේවාව සඳහා රටවල් දෙකේම යාත්‍රා යෙදවීමට බලපොරොත්තු නොවන අතර, ඒ සඳහා ඉන්දීය විදේශ අමාත්‍යාංශය විසින් ටෙන්ඩර් පටිපාටියකට අනුව යාත්‍රා යෙදවීමට බලාපොරොත්තු වෙනවා.

මෙම යාත්‍රා සේවයේ ගමන් කිරීමේ දී සැලසෙන වාසි අතර, එක් යාත්‍රා ගමන් වාරයකට මගීන් 150කට ගමන් කළ හැකි අතර, එක් මගියෙක් සඳහා කිලෝග්‍රෑම් 100ක බරක් රැගෙන යා හැකියි.

ටිකට් පතක් සඳහා ගෙවිය යුතු මිල අමෙරිකානු ඩොලර් 50ක් බවත් වාර්තා වනවා.

මෙම ටිකට් පත් සඳහා රජයේ සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක වීම පිළිබඳ ව තවම තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

https://bit.ly/3TO3arl