ඛනිජ තෙල් සේවකයින් අද උපවාසයක

ඛනිජ තෙල් සේවකයින් අද උපවාසයක

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට යාමට එරෙහිව අද (27) උපවාසයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති ජගත් විජේගුණරත්න සඳහන් කළේ, ඔවුන් සියලු දෙනාගෙන් සාකච්ඡාවක් ඉල්ලූ නමුත් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ බවයි.

මේ අතර, සිය ඉල්ලීම් සඳහා රජයෙන් මෙතෙක් නිසි ප්‍රතිචාර නොලැබීම පිළිබඳව වෘත්තීයවේදීන් දැඩි අප්‍රසාදය පළ කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වෘත්තීයවේදීන් රැස්වී සාකච්ඡා කරන බවයි.