කිරි තේ එකක මිල රු.10කින් පහළට

කිරි තේ එකක මිල රු.10කින් පහළට

අද (27) සිට කිරි තේ එකක මිල රුපියල් 90 දක්වා අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මීට පෙර කිරි තේ එකක් අලෙවි වූයේ රුපියල් 100 ටයි.

අප්‍රේල් මස මුල සිට කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් හා ග්‍රෑම් 400ක මිල රුපියල් 80 කින් පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පෙරේදා සඳහන් කළේ ය.

සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ, ඊට සමගාමීව කිරි තේ එකක මිල අඩු කරන බවයි.

COMMENTS