සරසවි ඇඳුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව

සරසවි ඇඳුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව

දැනට ක්‍රියාත්මක සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, ඊයේ (25) රාත්‍රියේ පැවැති සිය සංගමයේ විශේෂ විධායක සභා රැස්වීමේදී එම තීරණය ගත් බවයි.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ද, දින 33 ක් ප්‍රමාද වී තිබේ.

වර්ජනය ක්‍රියාත්මක වන්නේ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුලු කරුණු කිහිපයක් මූලික කරගනිමිනි.