ප්‍රංශයත් Tik Tok තහනම් කරයි

ප්‍රංශයත් Tik Tok තහනම් කරයි

ප්‍රංශ රජය ද ටික්ටොක් යෙදවුම සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, රජයේ සේවකයින්ගේ රාජකාරි දුරකථනවලින් එම යෙදවුම ඉවත් කිරීමටයි ප්‍රංශ රජය තීරණය කර ඇත්තේ.

ප්‍රංශයේ රාජ්‍ය සේවා අමාත්‍ය ස්ටැනීස්ලාස් ග්වේරිනි මේ බව නිවේදනය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

මීට පෙර නවසීලන්තය ද එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ටික්ටොක් යෙදවුම භාවිතය තහනම් කිරීමට පියවර ගත්තා.

https://bit.ly/3K3ZEpj